’’අපිට බෑ කියා මේ සටන නවත්වන්නේ නෑ’’ - අගමැති
රට මුහුණ පා ඇති පොදු වෛරසය වන්නේ කොරෝනා වෙවරසය බවත් එය මර්දනය කිරිමට රජය අපිට බෑ අපිට නොහැකියි කියා මඟ නොහරින බවත් රජය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
චිනයේ මෙම වෛරසය ව්‍යාප්ත වන්වාත් සමඟම රටක් ලෙස ගත හැකි සැම පියවරක්ම කඩිනමින් ලබා ගනිමින් විශේෂයෙන්ම චිනයේ රැදි සිටි ශ්‍රී ලාංකික පිරිස් ඉතා ඉක්මණින් ගෙන්වා ගැනිමට විශේෂ ගුවන් යානා පිටත් කර යැවු බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අද (7) දින මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.
මෙම ව්‍යසනයේදි රටේ විපතට පත් වි සිටින පිරිස් වෙත තම සේවාවන් සැලසිමට රාජ්‍ය අංශයේ නිලධාරින් සෞඛ්‍ය අංශයේ නියලි සිටින වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සියලු දෙනාට රජයක් ලෙස මෙම අවස්ථාවේදි විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
එම නිසා විශේෂයෙන් රටේ මහජනතාව අදාළ බලධාරින් විසින් නිකුත් කරන ලද උපදෙස් පිරිපදිමින් නිවෙස් වලට වි මෙම වසංගත තත්ත්වයෙන් මිදිමට දිය හැකි සෑම ක්‍රියා පිළිවෙතක්ම ලබා දිමට පියවර ගන්නා ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කලේය.
අඩු අදායම් ලාභි පවුල් වෙත රු.5000 බැගින් වු දිමනා ලබා දෙමින් අබාධිත පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම මේ මොහෝතේ සිදු කළ බවත් ඔහු අවධාරණය කළේය.

popular news
-
Deepal Nirosh Tuesday, 07 April 2020 09:17 PM
ඔබතුමා ජාතිය ඇමතීම මේ අවස්ථාවේ ජනතාවට විශාල අස්වැසිල්ලක්. රෝග මර්දන වැඩ පිළිවෙල ඉතා හොඳ මට්ටමක තිබෙනවා. ඒත් මහ මැතිවරණය නො පවත්වා අප්‍රේල් 30ට පසු මේ වැඩ පිළිවලට අත්‍යාවශ්‍ය ප්‍රතිපාදන සපයා ගන්නෙ කොහොම ද කියා අදම හිතුවොත් නේද හොඳ? බැරි වෙලාවත් මේ වැඩපිළිවල ගැන උරණව ඉන්න කිසිවකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමුකර අප්‍රේල් 30ට පසු ජනාධිපතිතුමා මුදල් වියදම් කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා ගත්තොත් මොකද වෙන්නෙ රටට?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

