වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හෙණ ගහන අපරාධයක් බවත් එය ජාතික අපරාධයක් බවත් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර සේන මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"මේ මහා වැඩවර්ජනය අපේ රටට මහා විනාශයක් කරනවා. තත්ත්වය හොඳ අතට හැරෙමින් පවතින වෙලාවක තමයි මේ වැඩවර්ජනය දාගෙන තියෙන්නේ. අපිට කියන්න තියෙන්නේ මේක ඉතාම හිරිකිත වැඩක්. රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාගේ ප්‍රගතියක් නැත්නම් මේක කළාට කමක් නෑ.
නමුත් ඉතාම හොඳ ප්‍රතිඵල ලැබෙමින් පවතින වෙලාවක තමයි මේ කටයුත්ත කරන්නේ. ජාතික අපරාධයක්, ගමේ වචන වලින් කියනවනම් මේක හෙණ ගහන අපරාධයක්.
වර්ජන වලින් මේ ආණ්ඩුව වට්ටන්න හම්බවෙන්නේ නැ. අරගලයෙන් බැරිවුණ දේ ස්ට්රයික්වලින් කරන්න හදන්නේ. ජනතාව වර්ජකයන්ට පාඩමක් උගන්වයි"