මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතූ " රත්මලාන කොටියා " නමැති පුද්ගලයකු අලෙවියට සන්තකයේ තබාගන සිටි අයිස් මිලිග්‍රෑම් 5300 ක් සමග ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
සැකකරු රත්මලාන ශ්‍රී ඥානේන්දරපාර පදිංචිව සිටින වයස අවුරුදු (30) ක්ද වන අතර ඝාතනයට ලක්වූ හිටපු නාගරීක මන්ත්‍රී රංජන් සිල්වා මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවකුද වන අතර ජීව අත්බෝම්බයක් ලගතබා ගැනීමට බන්ධනාගාර ගතව සිට ඇපමත පැමිණ සිටි අයෙකුද වන බවත් පොලීසිය කියයි .
දෙහිවල එච්.එම්. ධර්මපාල