ප්රවීණ ගේය පද රචකයෙකු වූ තිස්ස ඩයස් මහතා අභාවප්රාප්ත වී තිබේ.
ඒ මහතා මියයන විට 64 හැවිරිදි වියේ පසුවිය.
එච්. ආර්. ජෝතිපාල මහතා වෙනුවෙන් ඔහු ජනප්රිය ගීත රැසක් රචනා කර ඇත.
'මේ නොනිමෙන දිවි ගමනේ', 'පුංචි දෝණි තරහා වෙලා', 'පියාණෙනි මා ඔබේ පුතු ', 'දහදුක් වින්දේ', 'පතනා දේ සුන් වේ නම්', 'විනෝදයෙන් ඉන්නේ' යන ගීතයන්හි රචකයා ඔහුය.
2017 වසරේ තිරගත වූ "සෙල්ලම් නැත්නම් ලෙල්ලම්" චිත්රපටය තිර රචනය සහ අධ්යක්ෂණය තිස්ස ඩයස් මහතාගේ මෙන්ම ඒ සඳහා රංගනයෙන් ද ඔහු දායක විය.
ඒ මහතාගේ දේහය අතුරුගිරිය, වල්ගම පිහිටි අංක 380/3 ලිපිනයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කරනු ඇති අතර, අවසන් කටයුතු පන්නිපිටිය ක්රිස්තුරාජ දේවස්ථාන සුසාන භූමියේදී අනිද්දා (5දා) සිදුකිරීමට නියමිතය.