'මාලමුල්ලේ අයිස් චූටි' නැමැත්තා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් තොගයක් සමග ඊයේ (25දා) අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
සැකකරු පානදුර ප්රදේශයේ අයිස් ජාවාරමේ නියැලී සිට පොලිසිය මගහැර ඇරැව්වල ප්රදේශයේ සැගව සිටිමින් ජාවාරම සිදුකරන බවට ලද තොරතුරක් මත ප්රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්සංක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් තලගල හන්දියේ දී සැකකරු පරීක්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ සගවාගෙන තිබූ අයිස් ග්රෑම් 122 ක් සොයාගෙන ජාවාරම සදහා යොදාගත් නවීන ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය / පානදුර සමන් කාරියවසම්