මාතර, වැලිගම, මිදිගම තුර්කි ගමිමාන ප්‍රදේශයේ පසුගිය 20 වනදා රාති‍්‍රයේ වෙඩිතැබිමෙි සිදුවිමෙිදි එයට සමිබන්ධ බවට සැකපිට මහත්තයා නමැති පුද්ගලයෙක් මිදිගම පොලිසිය අත්ඩංගුවට ගෙන තිබු අතර එයට විරෝධය පළකරමින් එම පුද්ගලයාගේ ඥාතින් හා ගමිවාසින් අද (23දා) මිදිගම පොලිසිය වෙත පැමිණ කලහකාරිි ලෙස හැසිරිමත් සමග දැඩි උණුසුමි තත්වයක් ඇතිවිය.
මෙහිදි විරෝධතාකරුවන් පවසා සිටියේ වෙඩි තැබු පුද්ගලයා තවමත් නිදැල්ලේ සිටියදි මෙයට සමිබන්ධ නැති අයෙක් අත්අඩංගුවට ගත් බවයි. පොලිසියට වැලි ගසමින් අසභ්‍ය වචන පවසමින් පොල් ගසමින් ගමිවාසින් හැසිරුන අතර තත්වය පාලනය කිරිම සදහා පොලිස් විශේෂකාර්්‍ය බලකාය හා පොලිස් ස්ථාන 5 කින් නිළධාරින් කැදවිමටද කටයුතු කරනු ලැබිය.
පසුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්්‍යාලය වෙත පැමිණිල්ලක් කිරිම සදහා විරෝධතාවයේ නියැලි සිවු දෙනෙකු පොලිසිය විසින් ජිප් රථයේ නන්වාගෙන කැදවාගෙන ගිය අතර ඉන් අනතුරුව විරෝධතාවය අවසන් කෙරුණි
මහේෂ් මලවර ආරචිචි