බෝකුන්දර අයි සි සි මාර්ගයේදී තරුණයෙක් තරඟයට පැදවූ යතුරුපැදියක් සහ තනි රෝදයෙන් තරුණයකු පැද වූ යතුරු පැදියක් ඊයේ (14දා) සවස මුහුණට මුහුණ ගැටීමෙන් එක් තරුණයෙකු මිය ගොස් අනෙක් තරුණයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පිලියන්දල පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ තරඟයට යතුරුපැදිය පැදවූ පිලියන්දල පැලවත්ත ගොරකපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පවන් හේශාන් 19 හැවිරිදි තරුණයෙකි.
බරපතළ තුවාල ලද අනෙක් තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මියගිය තරුණයා මිතුරකුගෙන් ඉල්ලාගත් යතුරුපැදියක් භාවිතා කරමින් තවත් තරුණයෙක් සමග බෝකුන්දර අයි සි සි මාර්ගයේ සිට හොරණ කොළඹ මාර්ගයේ දෙසට අධික වේගයෙන් ධාවනය කිරීමේදී මියගිය තරුණයා ඉදිරියෙන් යතුරුපැදිය ධාවනය කර ඇති අතර ඔහු ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයකට ඉස්සර කර මදක් ඉදිරියට යාමේදී ඔහුගේ සමීපතම මිතුරෙකු තනි රෝදයෙන් විරුද්ධ දිශාවේ සිට ඉදිරියට යතුරුපැදිය ධාවනය කර ඇති අතර එම යතුරුපැදිය මාර්ගයේ දකුණු දෙසට ඇදී යාමේ දී යතුරු පැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරුව තරඟයට සහභාගි වූ යතුරු පැදියේ සිටි තරුණයාගේ යතුරු පැදිය ඔහුත් සමග මීටර් තිහක් පමණ මාර්ගය දිගේ ඇදී ගොස් නැවතී ඇතැයි පොලිසිය කියයි.
අනතුරක් සමඟම වහා ක්‍රියාත්මක වූ සෙසු තරුණයන් බරපතල තුවාල ලබා සිටි තරුණයන් දෙදෙනා වේරහැර කේ ඩි යු රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනු ලැබ ඇතැයි පොලිස් නිළධාරියෙකු පැවසීය.
ඒ වන විටත් එම තරුණයා මිය මිය ගොස් සිට ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් පසු මේ දක්වා මියගිය තරුණයා පැදවූ යතුරුපැදිය අතුරුදහන්ව ඇති අතර අනෙක් යතුරුපැදිය ( තනි රෝදයෙන් පැද වූ) බෝකුන්දර ප්‍රදේශයේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයකට බාර දී තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු රෝහලේ දී සිදුකිරීමට නියමිතය.
බරපතළ තුවාල ලද වයස අවුරුදු 16 ක තරුණයෙකි.
පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විශ්වනාත් මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්මිණ පොලිස් සැරයන්31505 සරත්චන්ද්‍ර කොස්තාපල්වරුන් වන 84752 ධර්මවර්ධන 82498 ශෂික කොස්තාපල් ඉෂාර මහත්තුරු පරීක්ෂණ පවත්වයි.
