ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් ෆේස්බුක් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. තෙන්නකෝන් මහතා Deshabandu Tennakoon යන නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගොස් තිබුණි.
"මාගේ Deshabandu Thennakoon නමින් පවත්වාගෙන යනු ලබන facebook පිටුවට යමෙකු විසින් අනවසර ප්‍රවේශයක් ලබාගෙන ඇති බව අනාවරය වී ඇත.
එබැවින් මෙම facebook පිටුව හරහා සිදුකරනු ලබන කිසිදු තොරතුරක් මා විසින් පලකරනු ලබන්නක් නොවන බවත් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙසත් දන්වා සිටිමි.
ගිණුම නැවත යථා තත්ත්වයට පත්කරගැනීමටත් නිත්‍යානුකූල පියවර ගැනීමටත් කටයුතු කරමි." යැයි ඔහු සඳහන් කරයි.
