අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන විට කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාගේ සුවදුක් බැලීම වෙනුවෙන් මේ දින කිහිපයේදි කලුබෝවිල රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා රසිකයන් පණිවිඩයක් ලබා දී තිබේ.
චාමර වීරසිංහ මේ වන විටත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඉදිරියේදි ඔහුගේ අසනීප තත්ත්වය පිළිබඳව රසිකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහුගේ ෆේස් බුක් පිටුව හරහා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ වන විටත් අති විශාල පිරිසක් කලුබෝවිල රෝහලට පැමිණෙමින් සිටින නිසා ඇති වී ඇති අපහසුතා පිළිබඳව අවධානය යොමුකරමින් මේ දින කිහිපයේදී ඔහුගේ සුවදුක් බැලීම වෙනුවෙන් රෝහලට පැමිණිමෙන් වලකින ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.