මෑත කාලීන සමීක්ෂණයකට අනුව, Gen Z කාන්තාවන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් තනිවම සංචාරය වීමට සලකා බලන අතර ඒ අනුව ඔවුන්ට වඩාත් ආරක්ෂිතව තනිව සංචාරය කිරීමට සුදුසුම රට බවට ශ්‍රී ලංකාව නම්කර තිබේ.
ටයිම් අවුට් සඟරාව මෙසේ ශ්‍රී ලංකාව අංක එකට නිර්දේශ කර තිබේ. කරුනු කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව අංක එකට නම් කර තිබේ. ඔවුන් තනිව සංචාරය කිරීමට කැමති කාන්තාවන් සඳහා රටවල් 9ක් නිර්දේශ කර තිබේ.
මෙහිදී පෘතුගාලය, චෙක් ජනරජය, ජපානය, ග්වාතමාලාව, වියට්නාමය, ඔස්ට්‍රේලියාව, ග්‍රීසිය හා නවසීලන්තය අංක දෙකේ සිට 9 දක්වා ශ්‍රේණිගත කර තිබේ.