අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ආවරණය කිරිමට ගිය සිරස රූපවාහිනී නාළිකාවේ මාධ්‍යවේදින් සිවු දෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අමානුෂිකව පහරදී තිබේ.
'අනේ ගහන්න එපා සර්, මෙන්න ගහනවෝ' යනුවෙන් කෑ ගසද්දීත් මෙම අමානුෂික පහරදීම සිදු කර තිබේ.
කැමරාශිල්පි වරුණ සම්පත්,
නිව්ස් ෆස්ට් මාණ්ඩලික වාර්තාකාරණි සරසි පීරිස්,
දෙමළ මාධ්‍ය යෙන් තොරතුරු වාර්තා කළ යූ.ඩි. සින්ටජන්,
වෙබ් මාධ්‍ය වෙනුවෙන් තොරතුරු වාර්තා කිරීමට ගිය ජනිත මෙන්ඩිස්
වෙත් මෙම අමානුෂික පහරදීම සිදුකර තිබේ.



