අඟුරුවාතොට මව හා බිළිඳිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
අඟුරුවාතොට ප්රදේශයේ දී දින තුනකට පෙර අතුරුදහන් කර ඉතා අමානුෂිකව මරාදමා තිබූ සිඟිති දියණිය සහ මවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පලාගොස් තිබූ සැකකරු අද උදෑසන ඔහුගේ නිවස පිටුපස කැලෑවක සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියාගේ සහෝදරිය විවාහ කරගෙන සිටි හිටපු යුද හමුදා සෙබෙලෙකි.
සැකකාර මෙම පුද්ගලයා වරකාගොඩ සල්ගස් මාවත ප්රදේශයේ නිවසට පැමිණෙන බවට පොලීසියට ලද තොරතුරක් මත අද උදෑසන හදිසියේ එම ස්ථානය වැටලීමට අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතා ප්රමුඛ කණ්ඩායමක් එහි ගොස් ඇත.
එහිදී නිවස තුළ අදාළ සැකකාර පුද්ගලයා හමුනො වූයෙන් පිටුපස කැලෑව හා ඒ අවට දැඩි ලෙස පරික්ෂා කිරීමේදී කෙසෙල් ගස් කිහිපයක ට මුවා වී මෙම සැකකරු සැඟ වී සිටිනු දැක ඇත.
අනතුරුව වහාම ක්රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර ඔහු සමග පොරබදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .
එම අවස්ථාවේදී සැකකරුගේ අතේ තිබූ තරමක් විශාල කතුරු තලයක් වැනි උල් ආයුධයකින් ස්ථානාධිපතිවරයාට කිහිප වරක් පහර පහරදීමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක වීම නිසා ඔහු විසින්ම තමන්ගේ පපුවට කිහිප වරක් ඇන ගෙගෙන ඇත.
ඉන් ලද තුවාල හේතුවෙන් සැකකරු මේ වන විට හොරණ දිස්ත්රික් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර පොලිස් ආරක්ෂාව යොදා ඇත.
කෙසේ වෙතත් අදාළ සැකකරුගේ තුවාලය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහත්මාගේ මෙහෙයුම් මත තවදුරටත් ඔහු පිළිබඳ පරීක්ෂණ ක්රියාත්මක වේ.
අඟුරුවාතොට මංගල එදිරිසිංහ
popular news
-
Deepal Nirosh Saturday, 22 July 2023 09:39 AM
අමතර සුදුසුකම් කුමන මට්ටමක තිබුණත් මෙන්න මේ වගේ කැපවීමෙන් ඉලක්කගතව සේවය කරන නිලධාරීන්ට තමා උසස් වීඹ් හා තනතුරු ලබා දිය යුත්තේ. පොලිස් ස්ථානාධිපතිතුමාටයි මේ උපහාරය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

