ෆෝන් චාජරයේ විදුලි කාන්දුවෙන් වෑන් රථයක් ගිනි ගනී
වාද්දුව නගරයේ නවතා තිබු සුඛෝපභෝගී වෑන් රථයක් ෆෝන් චාජරයක විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
කළුතර නගර සභාවේ ගිනි නිවන රථය ළගාවන විට ප්රදේශවාසීන් ව්සින් ගින්න පාලනය කර තිබුණි .
රියදුරු ජංගම දුරකථනය චාජ් කිරීමට සවිකර අසල වෙළෙඳ සැලකට ගොස් එනවිට ගින්න පැතිරී තිබේ.
ජීවිත හානි සිදුව නොමැත. ගින්නෙන් වෑන් රථයේ ඉදිරිපස ක්රියාකාරී කොටස් මුළුමනින්ම දැවී තිබුණි.
වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය

popular news
-
Kumar Wednesday, 21 December 2022 04:28 PM
ema wahanwala fuse kinya deya nadda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

