(UPDATE) සජිත් ප්‍රේමදාස මහතාගේ කැඳවීමක් අනුව හරීන් ප්‍රනාන්දු මහතා හා සරත් ෆොන්සේකා මහතා විපක්ෂනායකවරයාගේ අසුන ඉදිරිපිටට පැමිණියේය.
ඉන් පසුව ඔවුන් අතර කතා බහක් නිර්මාණය වූ අවස්ථායේදී කථානායකවරයා සඳහන් කළේ ෆොන්සේකා මහතාටත් හරීන් මහතාටත් පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටතට ගොස් අදාළ කථාව සිදුකර ගන්නා ලෙසයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා හා සරත් ෆොන්සේකා මහතා අතර පාර්ලිමේන්තු සභා ගර්භය තුළ කථාබහක් ඇතිවිය.
එය පාලනය කිරිම සඳහා කථානායකවරයාටද මැදිහත්වීමට සිදුවිය. ඔවුන් දෙදෙනාටම තම තමන්ගේ අසුන්වලට යන ලෙස කථානායකවරයා සඳහන් කළේය.