පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර පාර්ලිමේන්තුව තුළ අද (08දා) උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. එය පහත පරිදි වෙයි.
"මෙතන ඉන්නවා නාවලපිටියේ සිංහයා. එයා සිංහ හමක් පොරවා ගත්ත හිවලෙක්. එයා කිව්වා මැයි 9 දා හිටපු ජනපතිවරයා පැය හයක් තිස්සේ හතර වටේට කෑගහුවලු උගුර රිදෙනකම්. ඒත් බලධාරීන් අවශ්‍ය පියවර ගත්තේ නැතිලු.
අර 9 විපත්තිය නවත්වන්. ජනපති මොකද උගුර කැඩෙනකම් කෑ ගහන්නේ. ආරක්ෂක කවුන්සිලය කැදෙව්වානම් සියලු දෙනා විනාඩි 15න් එතන ඉන්නවා.
ඒක විසඳන්න තිබුණා. හමුදා ප්‍රධානීන්ට මඩ ගහන්න එවා. මට බාධා කරන්න එපා. ඔබතුමා මීට පෙර අවස්ථාවකත් මේ වගේ කථාවක් කිව්වා."
මහින්දානන්ද අලුත්ගමගේ - මන්ත්‍රීතුමා මම කිව්වේ ජනාධිපතිවරයාට වාර්තාවත් බාර දීලා තියෙනවා. ඒ වාර්තාව සභා ගත කරන්න කියලා. ඒ වාර්තාවෙන් ඔබතුමා කියන අය නිවරදි වේවි.
පාර්ලිමේන්තුව ඉවර වෙලා යන විට ඔය කියන හමුදා ප්රධානිනයයි ඔබතුමයි අතර සිදුවුණ දුරකතන සංවාදය ගැනත් අපි දන්නවා. අපි කියන්නේ වාර්තාව සභා ගත් කරන්න කියලයි.
සරත් ෆොන්සේකා - ඔබතුමා කියන ඒවා වාර්තාවේ තියෙනවනම් ඒක සභාගත කරන්න. හිටපු හමුදා ප්රධානයෙන් ජනපති අගමැති වෙන්න කථා කලාලු. ඔබතුමයි අගමැති වෙන්න හදන්නේ.