ෆලයි ඩුබායි යළිත් කටුනායකට මෙහෙයුම් අරඹයි
කොරෝනා වසංගත තත්වය ලෝකය පුරා පැතිර යාමත් සමගම , ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා නවතා දමා තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් ගමන් 02/18 දින අලුයම සිට යළිත් ආරම්භ වී ඇති බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඒ අනුව මෙම ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ පළමු ගුවන් යානය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට එෆ්.ඉසෙඩ් .- 557 දරන ගුවන් යානය 02/18 දින අලුයම 12.50 ට ගුවන් මගීන් 58 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් ගමන සදහා ෆ්ලයි ඩුබායි ගුවන් සේවය බෝයිං - 737 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.
මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් යානය 02/18 දින අලුයම 1.50 ට එෆ්.ඉසෙඩ් .- 558 දරන ගුවන් ගමන් වාරය යටතේ ගුවන් මගීන් 166 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ’
මින් පසුව මෙම ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකටම දින දෙකක් , එනම් අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා අලුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
