ළිඳ පතුලේ සිරවි ගොඩගත් දෙදෙනාගෙන් එක් අයෙකු මිය යයි
කන්දකැටිය බදුළුඔය ප්රදේශයේ ගැඹුරු ළිඳක සිරවි සිටි පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය කියයි.
කන්දකැටිය බදුළුඔය දඩයම්තලාවේ පදිංචි ඩී.එම් පියදාස (50) යන මෙසේ මියගොස් තිබේ.
රෝගි පුද්ගලයා මීගහකිවුල රෝහලට ඇතුලත් කර තිබේ.
අද (18) දින උදෑසන 8ට පමණ පානීය ජලය ගන්නා ළිඳක් පිරිසිදු කිරිම සඳහා මුලින්ම එක් පුද්ගලයකු ළිඳට බැස ඇති අතර ඔහු සිහිසුන් වි ඇති අයුරු දුටු තවත් පුද්ගලයකු ළිඳට බැස සිහිසුන්ව ඇඳවැටී මඩේ එරුණ බව ළිද අවට සිටි තවත් අයෙකු කීය.
අඩි 50 ක් පමණ ගැඹුරු ළිද කොන්ක්රිට් වළලු වලින් ආවරණය කර තිබිම නිසා ළිඳ අඩි දෙක හමාරක පමණ පළල නිසාත් ළිං පතුලේ ඔක්සිජන් වායුව නොතිබෙන්නට ඇතැයි පොලීසිය කියයි.
ප්රදේශවාසීන් හා පොලීසිය එක්ව පැය දෙකක පමණ කාලයක් තිස්සේ දැඩි පරිශ්රමයක් දරා ළිං පතුලේ සිරවී සිටි දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගත කර තිබේ.
එහිදි එක් පුද්ගලයෙකු මියගොස් සිටි බව පොලීසිය පවසයි.

popular news
-
Manoj Friday, 18 October 2019 09:08 PM
ලිං පතුලේ ඔක්සිජන් නැති නිසා වෙන්න ඕනි මෙහෙම උනේ, ඉස්සර නං ඔහොම ගැබුරු ලිං වලට බහින්න ඉස්සර ලාම්පුවක් ලිදට බස්සලා බලනවා, ඒක නිවෙනවනන් බහින්නේ නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

