ජුනි මස 09 දා හා 10 දා කොටුව හා තලංගම යන පොලිස් බල ප්ර දේශවල පැවැත්වූ විරෝධතාවලදී කළහකාරී ලෙස හැසිරුණ බවට සඳහන් කරමින් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් පොලීසිය විසින් අධිකරණයට නිකුත් කර තිබේ.
ඒ අනුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇතැයි පොලීසිය කියයි.
ජුනි 09 දා කොටුව විරෝධතාවට අදාළව වසන්ත මුදලිගේ, ජුනි 10 දා කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවලට අදාළව ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා, ජගත මනුවර්ණ, ධම්මික මුණසිංහ, රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි, ගල්වැව සිරිධම්ම හිමි යන අයට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙවුන්ට එරෙහිව නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින්, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, තුවාල සිදු කිරීම, අයුතු අවහිරය, අනර්ථය සිදු කිරීම මෙන්ම පොදු දේපළ විෂයෙහිා සිදු කරන වැරදි සිදුකිරීම, මංමාවත් පනත යතේ සිදුකරන වැරදි සිදුකිරීම යන චෝදනා ගොනු කර ඇතැයි පොලීසිය කියයි.