ළමා නිවාසයක අවු.5 ට අඩු දරුවන් 27කට කොවිඩ්
බණ්ඩාරවෙල ළමා නිවාසයක පසුගිය දින කිහිපයකදි දරුවන් ඇතුලු පාලිකාවන් තිස් දෙදෙනෙකුට කොවිඩි 19 රෝගය ආසාදිතව ඇති බව නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. ඒ. ආර්. දිසානායක මහතා පැවසීය.
රෝගය ආසාධිතයින් අතර වයස අවුරුදු පහට අඩු දරුවන් 27 දෙනෙකු හා දරුවන් රැක බලාගන්නා පාලිකාවන් පස්දෙනෙකු සිටින බව
කියයි.
මෙම ළමා නිවාසයේ දූ දරුවන් රැකබලා ගැනීමට සිටින නිවාස මාතාවන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දූ දරුවන් 52 ක් සම්බන්ධයෙන්
කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් පසු මෙසේ තිස් දෙදෙනෙකු කෝවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.
ආසාදිත 32 දෙදෙනා ළමා නිවාසයේම වෛද්‍ය අධීක්ෂණ හා උපදෙස් යටතේ ස්වයං නිරෝධායනය ලක් කර තිබේ.
මෙම ළමා නිවාසය පරිවාස භාරයේ සිටින අවුරුදු පහට අඩු දරුවන් සිටින බැවින් විශේෂ අවධානය යොමු කළ යුතු ස්ථානයක් බවට
හඳුනාගෙන ඇති බව බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම් ඒ ආර් දිසානායක මහතා පැවැසීය.
ප්‍රසන්න පද්මසිරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

