රක්වාන ළමා නිවාසයක බාලවයස්කාර දැරියන් 11දෙනෙකු අපයෝජනයට ලක්කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවකගේ සැමියා එළැඹෙන 08වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා ඊයේ (26දා) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, 60 හැවිරිදි රක්වාන ප්‍ර‘දේශයේ අයෙකි.
රත්නපුර දිස්ත්‍රික් ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම අපයෝජන සිද්ධිය ගැන ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහුගේ උපදෙස් අනුව රත්නපුර ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය විසින් පරික්ෂණ සිදු කර සැකකරු පෙරේදා (25දා) රක්වාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
බරපතළ ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන දැරියක් මෙම ළමා නිවාසයේ රැඳී සිට වසර 18 ඉක්මවු නිසා පාලිකාවගේ නිවසේ රැඳී සිට පාසල් ගොස් ඇති බවත්, ඇය ළමා නිවාසයේ භාරයෙන් යෑමට වයස එළැඹුණද ඇය භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීමෙන් ඇය එම නිවසේ රැඳී සිට තිබෙන බවත් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
එම දැරිය කහවත්ත රෝහලට ඇතුළත් කර ඇති බවත්, රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගෙන ගිය මෙම ළමා නිවාසයේ පාලිකාවද මෙම සිද්ධිය අනාවරණය වීමෙන් පසු ඉවත් කරතිබෙන බවත්, පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
එම පාලිකාවගේ සැකකර සැමියාද වරින් වර ළමා නිවාසයට පැමිණ ඇති අතර, වයස අවුරුදු 11 සිට 18 දක්වා දැරිවියන් අපයෝජනයට ලක්ව ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් ළමා හා කාන්තා පොලිස් කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා පුෂ්පා කුමාරි මහත්මියගේ මෙහෙයවීමෙන් පරික්ෂණ සිදු කෙරේ.
රත්නපුර - ලසන්ත නිරෝෂණ පෙරේරා