ළමා දිනය සමරන්න පාසලට මත්පැන් ගෙනා සිසුන් පොලිස් භාරයට
ලෝක ළමා දිනය සමරන්න සිය විදුහලට මත් පැන් බෝතලයක් රැගෙන අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලක සිසුන් සිව්දෙනෙක් ඊයේ (1) පොලිස් භාරයට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
මෙසේ සිය භාරයට ගත් සිසුන් සිව්දෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත සිටි අය බවත් ඔවුන් සිව් දෙනාම දැඩලෙස අවවාද කොට ඔවුනගේ මව්පියන්ට ඊයේ(1)පස්වරුවේම භාරදුන් බවද පොලීසිය කියයි.
සිසුන් සිව් දෙනා ඔවුනගේ දෙමාපියන්ගේ කැමැත්ත සහිතව එම පාසලෙන් ඉවත්කර ගෙන ඇතැයි එම විදුහල් ආරංචි මාර්ග කියයි.
ලෝක ළමා දිනය පැවති ඊයේ (1) සිසුන් සිව්දෙනා මත්පැන් වතුර බෝතලයකට පුරවා පාසලට රැගෙන ඇති බවත් ඔවුන් මත් පැන් රැගෙන ආ බවට විදුහලෙන් ලැබුණු තොරතුරකට අනුව ඔවුන් සිව්දෙනාම සිය භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් පෙරදා හික්කඩුවේ රට බීම හලකින් මිලදීගත් මත් පැන් බෝතලයකින් මත් පැන් මෙසේ වතුර බෝතලයකට දමාගෙන පැමිණ ඇති බවද පොලීසිය කියයි. මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
