හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමන් කිරිමේ ආරක්ෂිත මාර්ගයක් සම්බන්ධයෙන් ඕමානය සමඟ අවබෝධයකට පැමිණ ඇති බවබව
බව ඉරානය පවසයි.
ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බකායි ගිවිසුම පිළිබඳව වැඩිදුර විස්තර ලබා නොදුන් අතර එය "අවසන් අදියරේ" බව
පැවසීය.
කෙසේ වෙතත්, ඕමානය සමඟ ගිවිසුමක් මගින් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත ගමනාගමනය සහතික කළ නොහැකි බවද
බකායි අනතුරු ඇඟවූ අතර, එක්සත් ජනපදය ඉරානයේ වරාය අවහිර කිරීමෙන් ආරක්ෂාවට තවමත් බලපෑම් ඇති වී තිබෙන බව ඔහු පැවැසීය.එක්සත් ජනපදය සහ ඕමානය මෙම යෝජනාව පිළිබඳව අදහස් දක්වා නොමැත.
පෙබරවාරි මාසයේදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දුන් දා සිට, ටෙහෙරානය බොහෝ දුරට හෝර්මුස් සමුද්‍ර
සන්ධිය අවහිර කර තිබේ.