හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
හෝර්මුස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරමින් සිටියදී නාඳුනන ප්රක්ෂේපණයක ගැටීමෙන් සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් ගිලී ගොස් ඇතැයි සිංගප්පූරු බලධාරින් පවසයි.
අඟහරුවාදා ප්රහාරයෙන් පසු GFS Pride හි කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනාම ඉවත් කරන ලද අතර කිසිදු තුවාලයක් වාර්තා නොවූ නමුත් ප්රහාරය හේතුවෙන් නැවේ ගින්නක් ඇති වූ බව සිංගප්පූරු සමුද්රීය හා වරාය අධිකාරිය පැවසීය.
තවත් සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් වන GFS Giselle බදාදා ප්රක්ෂේපණයක ගැටීමෙන් බඳට හානි සිදු වූ නමුත් කාර්ය මණ්ඩලය 22 දෙනා සමඟ ආරක්ෂිත ස්ථානයකට ළඟා වීමට හැකි වූ බව එහි වැඩිදුරටත් සඳහන් විය.
ඉරාන විප්ලවවාදී ආරක්ෂකයින් පැවසුවේ හෝර්මුස් සමුද්ර සන්ධියේ "අනවසර" මාර්ගයක් ලෙස ඔවුන් හැඳින්වූ මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී නැවක් මුහුදු බෝම්බවලට හසු වී ගිලී ගිය බවයි.
මේ අතර, එක්සත් රාජධානියේ සමුද්රීය වෙළඳ මෙහෙයුම් (UKMTO) ඒජන්සිය පැවසුවේ අඟහරුවාදා ග්රිමිච්
වේලාවෙන් 16:40 ත් 17:00 ත් අතර හෝමූස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරමින් සිටියදී නම් නොකළ බහාලුම් නැව් දෙකක් නොදන්නා ප්රක්ෂේපණවලට හසු වූ බව වාර්තා වී ඇති බවයි.
යාත්රා දෙකටම සුළු හානියක් සිදු වූ අතර ඒවායේ ගමන් දිගටම කරගෙන යාමට හැකි වූ බව එහි වැඩිදුරටත් සඳහන් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

