හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන හා ඉන් පිටවන සියලු නෞකාවන් අවහිර කිරිම ඇමෙරිකාව විසින් අරම්භ කර බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එසේම ජාත්‍යන්ත මුහුදේදී ඉරානයට ගාස්තු ගෙවන නෞකා සම්බන්ධයෙන් සොයා බලන ලෙසම තමන් ඇමෙරිකා නාවික හමුදාවට උපදෙස් දුන් බවද ඔහු පවසයි.
එසේම හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරානය විසින් අතුරා ඇති මුහුදු බිම් බෝම්බ විනාශ කිරීමටද තමන් ඇමෙරිකා නාවික හමුදාවට උපදෙස් දුන් බවද ඔහු පවසයි.
ඉරානයට ගාස්තු නොගෙවන ඔ්නෑම නෞකාවක් ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිත ගමනා ගමනයක් ඇති බවත් කිසියම් ඉරාන ජාතිකයෙක් තමන්ට හෝ සාමකාමී නෞකා වෙත ප්‍රහාර ඒල්ල කළහොත් ඔවුන් නිරයට යනු ඇති බවත් ට්‍රම්ප් පවසයි. අවහිර කිරීම් ඉතාමත් ඉක්මනින් ආරම්භ වෙනු ඇති බවත් ජනපතිවරයා වැඩිදුරටත් පවසයි.