හෝමුස් හරහා යන නැව් වලින් ඇමෙරිකාව සියයට 20ක ගාස්තුවක් අය කිරිමට යයි
සඳුදා හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය විසින් තෙල් නැව් දෙකකට පහරදිම එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෙළා දැක තිබේ. මෙම ප්රහාරයෙන්රා අයෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලැබා තිබේ. මේ අතර හෝමූසූ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාලින් එක්සත් ජනපදය 20% ක ගාස්තුවක් අය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
ඇමෙරිකාව ඉරානයට "ඉතා දැඩි" ලෙස පහර දෙන බවද එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසීය.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය පිළිබඳ ආරවුල දෙරට අතර යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් අඩාල කිරීමට ගැටලුවක් ඇති නමුත් ගිවිසුමක් සම්බන්ධයෙන් තවදුරටත් ඒකගතාවයකට පැමිණිය හැකි බව ට්‍රම්ප් අවධාරනය කළේය.
ජාත්‍යන්තර ජල මාර්ගය පිළිබඳ ආතතීන් උත්සන්න වෙද්දී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳුදා රාත්‍රියේ කියා සිටියේ ඉරාන කෲස් මිසයිල නෞකා දෙකක් ඉලක්ක කර ගත් බවත්, ඉන්දියානු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් අට දෙනෙකුට තුවාල සිදු කළ බවත්, ඉන් හතරක් බරපතල බවත්ය.
තුවාල ලැබූවන්ගෙන් හය දෙනෙකු ඉන්දියානුවන් වන අතර දෙදෙනෙකු යුක්රේන ජාතිකයන් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය X හි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
"මෙම නිර්ලජ්ජිත ප්‍රහාරය ආරක්ෂක අමාත්‍යාංශය හෙළා දකින අතර එය බරපතල ලෙස ජාත්‍යන්තර නීතිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක් වන අතර එය කලාපයේ ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට තර්ජනයක් වේ," යනුවෙන් එය පැවසීය.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පසුව ටෙලිග්‍රෑම් වෙත ප්‍රකාශයක් හරහා ප්‍රහාර තහවුරු කළ අතර, එහිදී ටැංකි නැව් දෙකක් අනතුරු ඇඟවීම් නොසලකා හැර, නාවික පද්ධති අක්‍රිය කර, බිම්බෝම්බ ඉවත් කළ මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කළ බව පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
