හෝමාගම සායනයකින් කල් ඉකුත්වීමට ආසන්න ත්‍රිපෝෂ ලබාදීලා
හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් මාතෘ හා ළමා සායන මගින් ලබා දෙන ත්‍රිපෝෂ මෙවර ලබාදී ඇත්තේ දින නමයකින් කල් ඉකුත්වන ත්‍රිපෝෂ බව ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් හා කිරිදෙන මව්වරුන් චෝදනා කරති.
2021 / 11 මාසයේ නිෂ්පාදිත ත්‍රිපෝෂ මෙවර ලබාදී ඇත්තේ ඊයේ (22දා) බවත් එම ත්‍රිපෝෂ 2022 / 03 මාසයේ දී කල් ඉකුත්වීම හේතුවෙන් මව්වරුන්ගේ පරිහරණයට ඉතිරි වී ඇත්තේ තවත් දින නමයක කාලයක් පමණක් බව මව්වරුන් පෙන්වා දෙති .
මේ හේතුවෙන් අඩු බර දරුවන් , ගැබිණි මව්වරුන් හා කිරි දෙන මව්වරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබේ.
මේ අතර ගැබිනි මවුවරුන්ට හා කිරි දෙන මවුවරුන්ට මෙන්ම බර අඩු දරුවන්ට වෙන වෙනම ත්‍රීපෝෂ වර්ග ලබා දෙන බවත් මෙවර ගැබිනි මවුවරුන්ට හා කිරි දෙන මව්වරුන්ට ලබා දී ඇත්තේ බර අඩු දරුවන්ට ලබා ලබා දෙන ත්‍රීපෝෂ බවත් ඔවුහු පවසති.
මේ පිළිබඳව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ,
2021 / 10 මාසයෙන් පසුව අපිට ත්‍රිපෝෂ ලැබුණේ නැහැ. නමුත් ඉකුත්දා පැවැති වැඩවර්ජනය අතරතුරදී කිසිදු පූර්ව දැනුම් දැනුම් දීමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැමිණ ත්‍රිපෝෂ ලබාදී තිබුණා .එම ත්‍රිපෝෂ තමයි මෙසේ සායනවලට ලබා දී තියෙන්නෙ. ඒහිදී මව්වරුන්ට ලබාදෙන ත්‍රිපෝෂ බර අඩු දරුවන්ටත් ලබා දීලා තියෙනවා යැයි පැවසීය .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

