හෝමාගම ප්‍රදේශයේ ගැවසෙන මුව රංචුවෙන් කීපදෙනෙකු ඉකුත් දින දෙකක පමණ කාලයක් තුළදී හිටිහැටියේ මියයාමෙන් අනතුරුව මුවන් දෙදෙනකුගේ හිස් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර සිදු කරන ලද පරීක්ෂණවලදී එම සතුන් දෙදෙනාටම ජලභීතිකා රෝගය වැළඳී මියගොස් ඇති බවට අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ,මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එල් ඩි කිත්සිරි මහතා පැවසීය.
වෛද්‍යවරයා එසේ පැවසුවේ එම ප්‍රදේශයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
ඉකුත් 13 සහ 14 දිනවල එම ප්‍රදේශයේ ගැවසෙන මුව රංචු වෙන් 15 දෙනකු පමණ මුවන් මිය යාමෙන් අනතුරුව වනජීවී දෙපාර්තමේන්තුව මූල්වී එම සතුන් දෙදෙනකුගේ හිස් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමෙන් අනතුරුව ඒ බව අනාවරණය වූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ වගේම ජලභීතිකා රෝගය එම ප්‍රදේශයේ තිබෙන බවට අනාවරණය වූ බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා යටතේ තිබෙන සුනඛ එන්නත් කණ්ඩායම මේ වන විට එන්නත් ලබාදීම සිදු කරනවා.
මුවන් මියයාම සම්බන්ධයෙන් වනජීවි කාර්යාලයේ දී අපි රැස්වීමක්ද පැවැත්වූවා.එයට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක (කොළඹ දිස්ත්‍රික්කයේ) කණ්ඩායමත්, වනජීවී දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්, මහජන සෞඛ්‍යය පශු වෛද්‍ය සේවා කණ්ඩායමත් සහභාගි වෙලා දීර්ඝ සාකච්ඡාවක යෙදුණා .ඒ සඳහා වට්ස්ඇප් ගෲප් එකක් හදාගත්තා.
මුවන් සාමාන්‍යයෙන් සපා කන සතෙක් නොවේ. එම නිසා ජලභීතිකාව සෑදීමේ ප්‍රවණතාවය ඉතාම අවමයි.
මෙම මුවන් ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ කටයුතු මීට කලින්ද වනජීවී දෙපාර්තමේන්තුව මගින් සිදු කරලා තිබෙනවා.නමුත් මෙම මුවන් ගැන ප්‍රදේශයේ ජනතාවටත් තිබෙන්නේ වෙනස් විදියේ ආකල්පයක්. එයට ප්‍රදේශයේ ජනතාවගෙන් අවහිර වෙලා තිබෙනවා.මේකට ප්‍රාදේශීය බලධාරීන් මැදිහත් විය යුතුයි.
