හොර වීසාවෙන් රට පනින්න ගිය යාපනයේ තරුණයා කොටුවේ
ව්‍යාජ වීසාවක් රැගෙන නරීටා හරහා කැනඩාවට යාමට පැමිණි ශ්‍රී ලංකාකික තරුණයෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු යාපනයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 454 දරණ ගුවන් යානයෙන් කැනඩාව බලා යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන් සේවා නිලධාරීන්ට ඇති වු සැකයක් මත ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
එම අවස්ථාවේ ඔහු ලඟ තිබී ව්‍යාජ අයර්ලන්ත ගුවන් බලපතක්ද සොයාගෙන ඇත.
සැකකරු විසින් යාපනය ප්‍රදේශයේ එ්ජන්තවරයෙකුට රුපියල් ලක්ෂ දෙක හමාරක් ගෙවා කැනඩාවට යාම සඳහා මෙම ව්‍යාජ ලියකියවිලි ලබා ගෙන ඇති බව විමර්ශණවලදී අනාවරණය වී ඇත.
එම එ්ජන්තවරයාද ඔහු සමග ගුවන්තොටුපොළට පැමිණ ඇති බව වාර්ථා වෙයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                