ADA
www.ada.lk
2025 ජුලි මස 29 වන අඟහරුවාදා
පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් කල්පිටිය ඒත්තාල ප්රදේශයේදී සිදුකල මෙහෙයුමකදී ලක්ෂ 150 කට වැඩි වටිනාකමකින් යුත් එන්සාල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු හා වාහන දෙකක් සමග අත් අඩංගුවට ගත් බව කියයි.
අදාල එන්සාල් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන විත් පසුව කල්පිටිය ඒත්තාල ප්රදේශයේ සගවා තබා පසුව එය ලෙලි නොගැසු පොල් තොගයක් තුළ කොළඹට ප්රවාහනය කරමින් තිබියදී කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ බුද්ධි නිළධාරින් විසින් ලබා දුන් තොරතුරකට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් 16 අලුයම අත් අඩංගුවට ගෙන තිබුනී.
පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා සිටියේ කිලෝ 1300 කට ආසන්න එන්සාල් තොගය ආරක්ෂීත ලෙස සැකසු ජලය කාන්දුනොවන පොහොර උර තුල බහා තිබු බවයි.
නාවික හමුදා නිළධාරින් ලබා දී තිබු මෙම බුද්ධි තොරතුර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දින ගනනාවක සිට රැක සිට 16 දින අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
popular news
යටිනුවර ප්රා සභාවේ සජබ විපක්ෂනායක සිය පවුල පිටින්ම දිවි නසා ගනියි, කුඩා දියණියක් බේරෙයි
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
රාහුල හිමියන්ගෙන් ඇමති ලාල්කාන්තට අභියෝගයක්
වරෙන්තුවට පෙර නාමල් මාලේ ගියේ ජනපති ගිය ගුවන් යානයේමයි
හිටපු ඇමතිවරයෙක් අභාවප්රාප්ත වෙයි
අධිකරණයට ඉදිරිපත් වූ නාමල්ට ලැබුණු නියෝගය මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd