වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනි සිටිමින් මාටුවාගල, එල්ලාවල ප්‍රදේශයේ රෝගීන්ට ප්‍රකාර කළ බවට වර දපිළිගත් තැනැත්තෙකුට රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් ඩී.කේ. පරණලියනගේ මහතා රුපියල් 30000ක දඩයක් නියම කළේය.
මෙසේ දඩ නියම වුයේ ඇල්ලගාව, උමංගෙදර, කැටේපොළ ලිපිනයේ පදිංචි විජේරත්න වික්‍රමසිංහ සුනිල් යන අයටයි.
යතුරු පැදියකින් පැමිණෙන වෛද්‍යවරයෙකු යැයි කියාගත් පුද්ගලයෙක් මාටුවාගල, එල්ලාවල ප්‍රදේශයේ රෝගී ජනතාවට ප්‍රතිකාර කරමින් ඖෂධ වර්ග ද ලාබදෙන බවට කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට තොරතුරක් ලැබී තිබුණි.
කිරිඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසේල එදිරිසිංහ සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජනක වීරසේකර මහත්වරුන්ගේ මෙහෙයවීම මත එල්ලාවල සහ දොඩම්පේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව ඒ.එම්.බී. ජාලිය මඩුගල්ල, යූ.පි. සංජීව යන නිලධාරින් විසින් කිරිඇල්ල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී. දිසානායක මහතාගේ ද සහාය ඇතිව පසුගිය සැකකරු අත්අංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
2015 අංක 05දරණජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ බලපත්‍රයක් නොමැතිව ඖෂධ ප්‍රවාහනයට කිරිම හා නියෝග මගින් අවසරදුන් තැනැත්තෙකු නොවී ඖෂධ ළග තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකරන ලදී.
සැකකරු විසින් ප්‍රතිකාර ලැබු තැනැත්තෙක් මී උණෙන් මියගොස් ඇති ඇති බවද පැමිණිල්ල අධිකරණයට දැන්වීය. සැකකරුගේ නීතීඥවරයා එම චෝදනාව සැකකරු පිළිනොගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය. නමුත් සැකකරු පැමිණිල්ලේ චෝදනාවට වරද පිළිගන්නා බව දැන්වීය.
පැමිණිල්ල විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙය සංඥාමය ඝනයට අයත් වරදක් බවත් වරෙන්තුවක් නොමැතිව යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගතහැකි බවත් පෙන්වා දුන්නේය. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එලෙස බවද පැමිණිල්ල පැහැදිලි කළේය.
සැකකරු වරද පිළිගත් අවස්ථාවේදි සැකකරුට රුපියල් 30000ක දඩයක් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.