පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව කොළඹ 14 ප්‍ර දේශයේදී වැටලීමක් සිදුකර හොරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් හා සැකකාරියන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එසේම සැකකරුවන් සන්තකයේ තිබී හොරොයින් ග්‍රෑම් 188ක්ද සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් 37-53 යන වයස්වල පසුවන්නන් වෙයි.
ඔවුන් දෙමටගොඩ, මෝදර උයන, වැල්ලම්පිටිය, ෆර්ගියුෂන් පාර යන ප්‍ර දේශවල පදිංචිකරුවන් වෙයි.