හොරණ වෙඩි තැබීමේ වෙඩික්කරු රට පනිද්දී කටුනායක දී අත් අඩංගුවට
හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහා පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ කුඩා උඩුව හොරකැටිය ප්‍රදේශයේ පදිංචි 31 පුද්ගලයෙකි.
සැකකරු වෙඩි තැබූ බවට බරපතල තුවාල ලද ව්‍යාපාරිකයා විසින් රෝහල්ගත කිරීමේදී ප්‍රකාශ කර තිබූ අතර මේ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ පොලිසි වලට මෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතද දැනුම් දී තිබිණි.
ගුවන් තොටුපලේ ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා ආශ්‍රිතව මුහුණු මගින් සැකකරුවන් හඳුනා ගන්නා තාක්ෂණය ඔස්සේ මෙම සැකකරු හඳුනාගෙන තිබූ බව පොලිසිය කියයි.
මම සැකකරු ඉකුත් 04/29 දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බවත් හෙට(6) දින එරටට නැවත යාමට නියමිතව සිටි ඔහු වෙඩි තැබීමෙන් අනතුරුව කඩිමුඩියේ ඊයේ 5 ඩුබායි රාජ්‍ය වෙත යාම සඳහා පැමිණ තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය.
හොරණ , අළුබෝමුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ මෙම සැකකරු එම පොලිසිය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ .
වෙඩි තැබීම සඳහා පැමිණි පැදිකරු සහ වෙඩිතැබීමට යොදාගත් ගිනි අවිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කටුනායක ටී.කේ.ජී.කපිල/බිමල් ශ්‍යාමන් ජයසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
