හොරණ බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන මාර්ග 25 කට වැඩි සංඛ්‍යාවක පෞද්ගලික බස් රථ අද (25දා) පෙරවරුවේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹිම නිසා මගීහු දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටියහ.
මාර්ග අංක 120 හොරණ - කොළඹ මාර්ගයේ සාමාන්‍ය බස් රථ සහ සුඛෝපභෝගී බස් රථ වර්ජනයට එක්ව සිටියහ. එයට අමතරව මාර්ග අංක 458 නෑබඩ පාර මතුගම මාර්ග අංක 315 මීපේ මාර්ග අංකය 280 මහරගම ඇතුඑ මාර්ග 25ක පෞද්ගලික බස් රථ 300ක් පමණ මෙසේ ධාවනයෙන් ඉවත්ව සිටියහ.
බස් වර්ජනයට හේතුව වශයෙන් බස් රථ සේවකයින් සඳහන් කරන්නේ මාර්ග අංක 285/430 තැන්නහේන-කොළඹ බස් රථයේ ගමන් මාර්ගය වෙනස් කර කිතුල්ගල්විල දඹල ගල්කැටිය හරහා බුලත්සිංහලට පැමිණ අගලවත්ත මතුගම හරහා කොළඹ ධාවනය දක්වා ධාවයනට විරෝධය දැක්වීමය.
අගුරුවාතොට මංගල එදිරිසිංහ