සිනමා විචාරකයකුට පහර දීම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ජනප්රිය නළු හේමාල් රණසිංහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (03) නියෝග කළේය. මැයි මස 14 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතයි.
දිලංගා ගෝමස්
ජනප්රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වනවා. ඒ පුද්ගලයකුට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් මතය.
වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ
ඉන්ද්රමූර්ති ජයසූරිය