හෙළ උරුමයේ එන්තරවාසිය යවා සතියයි
ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ට අපහාස කළ බව පවසමින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා අග්රාමාත්ය දි.මු. ජයරත්න මහතා වෙත එන්තරවාසියක් යවා අදට (27දා) සතියක කාලයක් ගත වී තිබුණද, මේ දක්වා අග්රාමාත්යවරයාගේ පාර්ශ්වයෙන් ප්රතිචාරයක් නොලැබුණු බව එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා පැවසීය.
ඕමල්පේ සෝභිත හිමියන්ගේ නීතිඥයා වන ටියුඩර් පෙරේරා මහතා වෙත ලිපියක් මගින් අදාළ එන්තරවාසියට ප්රතිචාර දැක්වීම කළ යුතුව තිබුණද ගත වූ කාලය තුළ එවැන්නක් සිදුනොවූ බව වර්ණසිංහ මහතා පැවසීය.
එන්තරවාසිය යැවූ පසුගිය 20 වැනිදා සිට දින 14 ක කාලය ඇතුළත අග්රාමාත්යවරයාගෙන් ප්රතිචාරයක් නොලැබේ නම් ඔහුට විරුද්ධව නඩු පවරන බව ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව පෙබරවාරි 04 වැනි දිනෙන් පසු දි.මු. ජයරත්න මහතාට එරෙහිව නඩු පවරා ඕමල්පේ සෝභිත හිමියන්ගේ කීර්තිනාමයට කළ හානිය වෙනුවෙන් මුදල් අය කරගැනීමට බලාපොරොත්තු වන බවද නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

