හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් සිවුදෙනෙක් අද (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
හැටන් කුඩාගම ප්‍රදේශයේ තරුණයන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටින බවට සුරාබදු කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු සුරාබදු නිලධාරීන් එම ස්ථානයට ගොස් සැකකාර තරුණයෙක් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔවුන් සන්තකයේ තිබි හෙරොයින් මිලිග්රැම් 1420ක් අත්අඩංගුවට ගත් බව සුරාබදු කාර්යාලයේ නිලධාරින් පැවසිහ.
හැටන් කුඩාගම ප්‍රදේශයේම පදිංචි මෙම තරුණයන් සිවුදෙනා අවුරුදු 20 ත් 24 අතර වයස් ඛාණ්ඩවල පසුවන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
