හෙරොයින් සමග CID කොස්තාපල් අත්අඩංගුවට
සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවකදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රෑම් 230ක ප්රමාණයන් සොයා ගත් බවත්, සිදු කළ වැඩිදුර පරීක්ෂා කිරීමේදී පොලිස් හැඳුනුම්පතක්ද සැකකරු සන්තකයේ තිබී සොයා ගත් බවද පොලිසිය කියයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ ඒකකයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවත්, මොහුට සේවය හැර යාමේ නියෝග නිකුත් කර ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
ඊයේ(24දා) නොච්චියාගම පොලිස් වසමේදී සිදු කළ තවත් වැටලීමකදී හෙරොයින් මිලිග්රෑම් 210ක් සන්තකයේ තබා ගෙන සිටි වනජීවී දෙපාර්තමේන්තුව සේවකයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කල වැඩි දුර ප්රශ්න කිරීම් වලදී, එම සැකකරු වව්නියාව වන ජීවී අඩවි වන කාර්යාලයේ සේවය කරන නොච්චියාගම හල්මිල්ලකුලම ප්රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (25 දා) නොච්චියාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

