ඌරගස්මන්හන්දිය කොරකින ප්රදේශයේ රැදී සිටි කාන්තාවන් දෙදෙනෙකු ලග තිබී හෙරොයින් මිලිග්රෑම් 12600 ක් සමග අද (22දා) සැකපිට ප්රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ඌරගස්මන්හන්දිය පොලිසිය පවසයි.
ඌරගස්මන්හන්දිය බොරලුකටිය ප්රදේශයේ දමිල කාන්තාවක් ලග තිබී හෙරොයින් මිලිග්රෑම් 6800ක් ද ඌරගස්මන්හන්දිය කිරිමැටියාව ප්රදේශයේ සිංහල කාන්තාවක් ලග තිබී හෙරොයින් මිලිග්රෑම් 5800යක්ද සොයාගත් බව ද පොලිසිය කියයි .
ලැබුණු තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී මේ කාන්තාවන් දෙදෙනා මත්කුඩු සමග අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලිසිය කියයි .ඌරගස්මන්හන්දිය පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත