කොලොන්නාව ප්රදේශයේදී හෙරොයින් කිලෝ 1.107ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (21දා) රාත්රී 9.20ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 24ක් වන මොහොමඩ් සපික් මොහොමට් සරාශ් යන පුද්ගලකෙි. සැකකරු අද (22දා) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
