හෙද විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට රජය ගනු ලැබූ තීරණයත් සමග මෙරට හෙද සේවයේ මහා අනාගත පෙරළියකට අවස්ථාවක් බිහිවී තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය 2023.05.12 දින අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබූ සැමරුම් උත්සවය අවස්ථාවේදීය.
"රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විශේෂඥ හෙද සේවයක් සමාජයට ඇති කර දී තිබෙනවා. දහස් ගණන් දරුවො හෙද සේවයට බැඳිලා ආඩම්බර ව ඩිප්ලෝමාවක් අරගෙන ගමන් කරපු කාල පරිච්ඡේදය වෙනස් කළා. ඒ වෙනුවට විශ්වවිද්‍යාලයක් බවට මේ හෙද විද්‍යාල පරිවර්තනය කළා. හෙද විද්‍යාලයක් වෙනුවට හෙද විශ්වවිද්‍යාලයක් දිනා දී හෙද සේවය වඩාත් දියුණු අවධියකට ගෙනයා යුතුයි කියන අධිෂ්ඨානය තිබුණේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ට පමණයි.
හෙද ක්ෂේත්රයේ සංගමයේ හිටපු සාමාජික සාමාජිකාවන්ට මා අග්‍රාමාත්‍යවරයා හැටියට සුවිශේෂ ගෞරවයක් පිරි නමනවා. ඔබ නිසයි මේ විශ්වවිද්‍යාලය ඇතිවී තිබෙන්නේ මේ තීරණය ගනු ලැබුවේ. එයයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විශේෂ පණිවිඩය
හෙද ක්ෂේත්රයෙහි සාමාජික සාමාජිකාවන් ජයග්‍රහණය කරන මේ විශ්වවිද්‍යාලය පසුගියදා ප්‍රකාශයට පත්කරන්නට ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒ තීරණය අනුව අමාත්‍ය මණ්ඩල ප්රකාශනය පිළිබඳව තීරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ දියුණු විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කර ගත යුතුයි. එය රටට, සමාජ ගමනට, ආර්ථික ප්රගමනයට උදව් වනු ඇති.
මේ දුෂ්කර කාල පරිච්ඡේදයේ වුවත් ජනාධිපතිතුමා එම තීරණය ගැනීමට අපේ අමාත්‍ය මණ්ඩලය සමඟ එකඟ වීමෙන් විශාල ඉදිරි පියවරක් තබනු ලැබුවා. මේ කාල කාලපරිච්ඡේදය ඉතාම දුෂ්කර ම කාල පරිච්ඡේදයක්. අපේ රටේ කවදාවත් ආර්ථිකය මෙහෙම වැටුණේ නැහැ.
ඉතිහාසයේ කිසිම දවසක මෙසේ නොවුණු තත්ත්වයකින් අප යළි ගොඩ ආවා. මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීම සඳහා වූ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ ඒ ගමන යද්දි මෙවැනි විශ්ව විද්‍යාලයක් බිහිකිරීම සඳහා වූ තීරණය ගෙන ඒ ගෞරවය සෞඛ්‍ය ක්ෂේත්රයට ලබාදුන්නා. ජාත්‍යන්තරව ඒ පිළිගැනීම ඇති. මහා අනාගත ගමනකට ගමන් කරන්නට අවස්ථාවක් දැන් බිහිවී තිබෙනවා."