හෙද පුහුණුව සඳහා අ.පො.ස උසස් පෙළ සමත් සිසු සිසුවියන් 2,650ක් බඳවා ගැනීමට සහ හෙද උපාධිය ලබා ගත් උපාධිධාරීන් 875ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා ගැසට් නිවේදනය ලබන 18 වැනි සිකුරාදා නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඊයේ(15දා) එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.