ඇඳිරි නීතිය හෙට හෙට (17) අලුයම පහට ඉවත් වන හෙයින් හෙට සිට දුම්රිය ධානයට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කාර්යාල දුම්රිය සියල්ලම හෙට දිනයේදී ධාවනයට සැලසුම් කර තිබේ. මේ අනුව හෙට දිනයේ දුම්රිය ගමන් වාර 374ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
හෙට සිට දුර ගමන් දුම්රිය සේවා සියල්ලම ධාවනයට එක්කෙරෙන අතර යාපනය සහ මඩකලපුව බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය පමණක් ධාවනය නොවෙයි.