දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනයවීමක් විමක් හෙට (14)
සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව නැහෙනහිර හා ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවත් විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තු පවසයි.
එසේම වවුනියාව, කිලිනොච්චි, මන්නාරම, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බවද දෙපාර්තමේනතුව පෙන්වා දෙයි.
සෙසු ප්‍ර දේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් නැහෙනහිර, ඌව, බස්නාහිර, සබගරමුව පළාත්වලත් නුවරඑළිය,ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියැයි අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.