පැය හතරයි විනාඩි විස්සක කාලයක් සහ පැය හතරයි විනාඩි පනහක කාලයක් සඳහා විදුලිය කැපීම සඳහා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා තිබේ.
ඒ අනුව හෙට (18) දිනයේ පැය හතරයි විනාඩි විස්සක් මෙන්ම 19 සහ 20 යන දෙදින තුල පැය හතරයි විනාඩි පහක කාලයක් සඳහා මෙලෙස මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබේ.
පෙරවරු 8 සිය රාත්රි 10.30 දක්වා වූ අවස්ථා දෙකකදී මෙය ක්රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව දහවල් කාලයේදී පැය 03යි විනාඩි 20 ක කාලයක් සහ රාත්රි කාලයේ පැය එකහමාරක කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබේ.