හෙට සහ අනිද්දා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ
- 4 04 2020
- 15:16
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇදිරි නීතිය ඉවත් කෙරෙන ලබන 6 වනදා සහ ඊට පෙර දින අතිවිශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමත් සමඟ වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බව බැවින් දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට(05) සහ අනිද්දා(06) යන දෙදින තුළ වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් මත නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සිසිර විතානගේ මහතාගේ අත්සනින් යුතු ලිපියක් එම මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කළ බවයි වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා සඳහන් කර සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
