බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නිසිලෙස නොලැබීම නිසා හෙට (11දා) දිනයේදීත්, විදුලි කප්පාදු කිරීම සිදුකරණ බව විදුලි බලමණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව A, B, C කලාපවලට උදෑසන 8.00 සිට උදෑසන 10.30 දක්වා පැය දෙකයි විනාඩි තිහක කාලයක් විදුලි කප්පාදු කිරීම සිදුවන අතර, එම කලාපවලට සවස6.00 සිට7.15 දක්වාපැයකුත් විනාඩි පහළොවක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකෙරේ.
මේ ආකාරයට තවත්කලාප කිහිපයකට දහවල් කාලයේදී පැය දෙකයි විනාඩිතිහකකාලයක්හාසවස් කාලයේදී පැයකුත් විනාඩි පහළොවක කාලයක්විදුලි කප්පාදුවක් සිදුකෙරේ.
සෙසු කලාපවලට සවස 5.00 සිට රාත්‍රී9.00 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදු කිරීමට සැලසුම් කර ඇත.
මේ ආකාරයට අද (10දා) දිනයේදීත් විදුලි කප්පාදු කිරීමක් සිදුවිය.
ඉන්දික හේවාවිතාරණ