ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්විමත් සමග නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව එහි මුල්ම කටයුතු ලෙස හෙට දිනයේදි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. හෙට දිනය සෙනසුරාදා දිනයක් වුවත් නව ජනපතිවරයෙක් පත්කර ගැනීමේ කටයුතු වේගවත් කිරිම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ඉන් අනතුරුව දින 7ක් ඇතුළත නව ජනපතිවරයෙක් තෝරා ගැනීමේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබේ.