හෙට නුවරඑළියේ පාසල් පැවැත්වීමේ තීරණය විදුහල්පතිවරුන්ට
නුවරඑළිය දිස්ත්රික්කයේතැම් ප්‍රදේශවල පවතින දැඩි අයහපත් කාලගුණ තත්වයත් සමග (25) දින නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක් (25) දින නිවාඩු ලබා දීමටත් සෙසු පාසල් පවතින අයහපත් කාලගුණයත් සමග විවෘත කරනවාද නැද්ද යන්න් පිලිබද තීරණයක් ගෙන ඒ පිලිබද තම කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දුන් බව නුවරඑළීය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී.එම්.එස්.බී. දිසානායක මහතා මහතා පැවසිය.
මේ අතර, හැටන් කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට (24) දින ඇදහැලුණු අධික වර්ෂාවත් සමග පාසල් නියමිත වේලාවට පෙර වසා දැමීමටත් (25) දිනයේ පවතින කාලගුණ තත්වයත් සමග පාසල් විවෘත කරනවාද නැද්ද යන්න පිලිබද තීරණය ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට පැවරූ බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වසන්ත කවිරාජ් මහතා පැවසීය.
එසේ පාසල් වසා දමන්නේ නම් තම කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දුන් බවද වසන්ත කවිරාජ මහතා වැඩි දුරටත් පැවසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

