ශ්‍රි ලංකා යුධහමුදා ගුවන් සංක්‍රමික බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව පෙරේරා මහතා අද (14) අළුයම හදිසියේ අසනීපව මියගොස් ඇති බව යුධහමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසීය .
කුඩාඔය යුධහමුදා කදවුරේ පිහිටි ඒ මහතා රැදී සිටී නිළ නිවස තුලදී නින්දේදී මියගොස් ඇති බවත් , හදිසි හෘදයාබාධයක් මරණයට හේතු වන්නට ඇති බවට සැක පළකරන බවත් වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකා යුධහමුදා ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් ඒ මහතා උතුර නැගෙනහිර මානුෂිය මෙහෙයුමේ දී විශේෂ දක්ෂතා දැක්වූ නිළධාරීයෙක් ලෙස ප්රකටය.
ඒ මහතා ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දු ලංකා මිත්රශක්තී යුධඅභ්යාසයට සහභාගී වීම සදහා හෙට දිවයිනෙන් පිටත්වීමට සිටී බවද වාර්තාවේ.
