හෙක්ටයාරයකින් ලබාගන්නා ලද වී අස්වනු ප්රමානය ඉකුත් වර්ෂයේ දි (2024) වී කිලෝග්රැම් 4151 දක්වා සියයට 6.9කින් වැඩිවි ඇති බැව් මුදල් ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2023 වර්ෂයේ හෙක්ටයාරයකින් ලබාගන්නා ලද වී අස්වනු ප්රමාණය වි කිලෝ 3,882ක් වු අතර 2024 වර්ෂයේ දි එය සියයට 6.9ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද මෙකි වාර්තාවේ සදහන් වේ.
කෘෂිකර්ම දෙපාර්මේන්තුව විසින් ඉහළ අස්වැන්නක් සහිත නව වි ප්ර භේද ලබාදිම, නවින ගොවිතැන් ක්රම හදුන්වා දිම වැනි හේතු නිසා වි අස්වැන්න සැලකිය යුතු ලෙස ඉහළගොස් ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ. එමෙන්ම රජය විසින් 2024 වර්ෂයේ දි වි වගාව සදහා පොහොර සහනාධාර ලබාදිමට වැයකොට ඇති මුදල රුපියල් බිලියන 36කි.